ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද දින (27) සිය පාර්ලිමේතු ධූරයෙන් ඉල්ලා අස්විය. පාර්ලිමේතු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් එම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේතු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙයි.

මේ අතරවාරයේ පාර්ලිමේතු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේතු මන්ත්‍රී ධූරය එස්. සී. මුතුකුමාරණ පත්කිරීමට නියමිත බව වාර්තාවේ.