එංගලන්තය සමඟින් තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ හතරවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්වූ අතර, තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 3-1ක් ලෙස තරඟාවලිය ජයගැනීමට ඉන්දියා කණ්ඩායම සමත්විය.

දෙවන තරඟයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට රවිචන්ද්‍රන් අශ්වින් හා කුල්දීප් යාදෙව් සමත්වූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් හා කුල්දීප් යාදෙව් කඩුලු 4ක් බිඳ දමන ලදී.

රවිචන්ද්‍රන් අශ්වින් ලබාගත් මෙම කඩුලු 5, ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 බැඟින් දවාගත් 35 වන අවස්ථාවයි. මීට පෙර ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රංගන හේරත් ද අවස්ථා 35කදී ඉනිමක කඩුලු 5ක් බැඟින් දවාගැනීමට සමත්වී ඇති අතර එම වාර්තාව අශ්වින් විසින් බිඳ හෙලන ලදි.

කෙසේ නමුත්, මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක, ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වූ මුත්තයියා මුරලිදරන් වන අතර, ඔහු අවස්ථා 67කදී ඉනිමක කඩුලු 5+ බැඟින් ලබා ඇත.

මුත්තයියා මුරලිදරන් – 67
ෂේන් වෝන් – 37
රිචඩ් හැඩ්ලි – 36
අනිල් කුම්බ්ලේ – 35
රවිචන්ද්‍රන් අශ්වින් – 35*
රංගන හේරත් – 35
ජේම්ස් ඇන්ඩර්සන් – 32