වී අලෙවි මණ්ඩලයට මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා දීමට කටයුතු කර නොමැති පසුබිමක කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් මහාභාණ්ඩාගාරයෙන් ගොවි භාරකාර අරමුදලට අයවීමට තිබෙන රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2 ක් වී අලෙවි මණ්ඩලයට ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙවර වී මිලදි ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් වී මිලදි ගැනීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක් සහ මිලියන 50 ක් ලෙස සහන පොලී පදනම මත ණය ලබා දීම සිදුකරන ලදි.