කොළඹ හිල්ටන් හෝටලයේදී අද (පෙබ. 19) ආරම්භ වීමට නියමිත රටවල් 42 ක කෘෂිකර්ම ඇමතිවරු දිවයිනට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UNFAO) 37 වන ආසියා – පැසිෆික් සමුළුවට සහභාගීවීම සඳහා එම කලාපයට අයත් රටවල් 42ක කෘෂිකර්ම ඇමතිවරු ඉකුත් දා මෙරටට පැමිණියහ.

ඒ සඳහා සහභාගී වීමට පෙරේදා (පෙබ. 17) වන දා උදෑසන 8:45ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 664 දරන ගුවන් යානයෙන් ටොන්ගා ජනරජයේ කෘෂිකර්ම, ආහාර සහ වන සංරක්ෂණ අමාත්‍ය සියෝන් සියාලේ ෆෝහේ කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා කෘෂිකර්ම රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැමිණ සිටියේය.

ඊට පසුව එදින රාත්‍රි 9:15ට පලාවෝ, වනුවාටු, ෆීජි නේපාලයේ කෘෂිකර්ම ඇමතිවරුන් සමග දූත පිරිස් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මීට අමතරව එදින රාත්‍රී 11:30ට සමෝවා සහ මාර්ෂල් අයිලන්ඩ් දූපත් රාජ්‍යවල කෘෂිකර්ම ඇමැතිවරුන් සමග දූත පිරිස් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සඳහා පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පැමිණ සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා – පැසිෆික් කලාපීය සමුළුව අද (පෙබ. 19) ආරම්භ වීමට නියමිත අතර එම සමුළුව එළැඹෙන 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයන් සහභාගී වන අතර ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන් ම නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.

මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙන් ම නියෝජ්‍ය ඇමැතිවරුන් හා නියෝජිතයෝ රැසක් පැමිණ සිටිති.

ඒ අතර ටොන්ගා, පලාවු, වනුවාටු, ෆීජි, නේපාල්, සැමෝවා, මාර්ෂල්, ඉරාන්, ජපාන්, නියු, ඉන්දුනීසියා, වියට්නාම්, තායිලන්තය, බංග්ලාදේශය, මාලදිවයින, චීනය, භූතානය, මැලේසියාව සහ පිලිපිනය යන රටවල කෘෂිකර්ම ඇමති සමග රටවල් ගණනාවක නියෝජිතයෝ පැමිණ සිටිති.

මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය කු දොන්ජු ඇතුළු පිරිස වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයාය නිරීක්ෂණය කිරීමට නියමිත ය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ආරාධනය පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන අතර ඉන්පසු පස්වරු 3:00ට අගලවත්ත රබර් පර්යේෂණායතනය නිරීක්ෂණය කිරීමටද සැලසුම් කොට ඇත.

අද දින නිල වශයෙන් 37 වන ආසියා පැසිෆික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.