ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසයි.

ඔහු තවදුරටත් පැවසුවේ ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ය.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව අලුත්ගමගේ මහතා පැවසීය.