රටේ ජනතාව සිටින්නේ සමගි ජනබලවේගය සමඟ බවත් ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහනය කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙන බවත් රටේ ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජනබලවේගය ප්‍රධාන සමගි ජන සන්ධානය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල පවසයි.

රටේ ජනතාව නැවත ගෝඨාභය දෙක බලාපොරොත්තු වෙන්නේ නැති බවත් ජාති​ක ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යනු ගෝඨාභයගේ පාට් ටූ බවත් හෙතෙම සඳ්අහන් කලේය.

අද (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මේ බව පවසා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඔ​හු අදහස් දැක්වූ අතර එහිදී ඔහු පැවැසුවේ, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගත යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත්ය.