අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා මේ බව සඳහන් කළේ අද (22) දින අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වර්තමානයේ ජනතා බලයක් නොමැති අර්බුදකාරී අන්තිම පහත් තත්ත්වයට පත්වූ පාර්ලිමේන්තුවක් පවතින බවත් එම තත්ත්වය අවම කර ගැනීම සඳහා නියමිත වේලාවට මහ මැතිවරණ , ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ අනුව පත්වන නව රජය ජනතාවගේ දැවෙන ප්‍රශ්න කෙරේ මූලික අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.