එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩාය​මේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තෝ​රා නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි​ටු ප්‍රධානී උපුල් තරංග ප්‍රකාශ කරයි.

“පැතුම් දිගු ඉනිමක් ක්‍රීඩා කරන විට ඔහුට දිගු කාලීනව කොන්දේ වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා වෛද්‍ය මණ්ඩලය ඔහුව ටෙස්ට් ක්‍රිකට් සඳහා නිර්දේශ කර නැහැ” යැයි තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග NewsWire මාධ්‍යය වෙත පවසා ඇත.

“ලෝක කුසලානය පැමිණීමත් සමඟ අවදානමක් ගැනීමට අපට අවශ්‍ය නැහැ. නමුත් ලෝක කුසලානයෙන් පසුව, අපි ඔහුව ටෙස්ට් ක්‍රිකට් සඳහා සලකා බලනවා. විශේෂයෙන් වැදගත් එංගලන්ත සංචාරය වෙනුවෙන්” යැ​යි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.