හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) අලුයම තායිලන්තයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇත.

ඔහු සමඟ 9දෙනෙකුගෙන් යුත් පිරිසක්ද මෙම සංචාරය සඳහා සම්බන්ධවී ඇති බව වාර්තාවේ.

ඔවුන් අද (09) අලුයම 12.55ට තායි එයාවේස් ගුවන් සේවයට අයත් TG – 308 දරණ ගුවන් යානයෙන් තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.