ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‍රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද (09) එය පැවැත්වීමට නියමිත බවයි සදහන් වන්නේ .

මෙහිදී සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනයෙන් ගොඩනැගෙන සමගි ජන සංධානය  සමග සංධාන ගත වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා සම්බන්ධයෙන් තිරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

එලෙස සමගි ජන බලවේගය සමග සංධානගත වූ මන්ත්‍රීවරුන් වන්නේ පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යි.