පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියා.

ඔහු මේ බව අද (3) දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දෙනු ලැබුවේය.

මෙම නඩුව නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා මේ පිළිබඳව දැනුම් දුන්නේය.