ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියාය.

මෙම පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මෙම පනත ඔස්සේ කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමට නව ප්‍රතිපාදන සකසා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියාය.