සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ ඇප ඉල්ලිම අද (10) දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය දැනුම් දුන්නේ නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාරගතව තබන ලෙසයි.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.