රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම සඳහා ලබන සඳුදා (25) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළා.

ඒ අදාළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.

ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතතකර ඇති තමන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා තිබුණේ.