මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07වන දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම පෙත්සමට අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07වන දා දක්වා කල් තබන බවයි අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් ප්‍රකාශ කලේ.