වසර පහකට පසුව සිදු කරන චීන ජනපති ෂී ජින්පින් ගේ  යුරෝපීය සංචාරයේ තුන් වන නැවතුම වන හංගේරියාවේ බුඩාපෙස්ට් වෙත පැමිණි ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිව ඇති බව සඳහන්.

චීන නායකයා හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, යුක්‍රේනයේ යුද්ධය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති පිලිබඳ එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව සදහන්

හංගේරියාව අනෙකුත් යුරෝපා සංගම් ජාතීන්ට වඩා වෙනස්ව ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය සමග වෙළඳ හා ආයෝජනවල වැදගත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.

චීන නායක ෂී හංගේරියානු දේශපාලඥයින් සමඟ ගැඹුරු මිත්‍රත්වයක් වර්ධනය කර ගෙන ඇති අතර හංගේරියාව චීන ආයෝජන සඳහා මධ්‍යම නැගෙනහිර යුරෝපීය කලාපයේ අංක එකේ ඉලක්කය බව ෂී ප්‍රකාශ කර තිබුණා.