ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණ ඇත.

මෙරටට පැමිණි ඔහු පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියහ.

මෙලෙස ඇමෙරිකාවේ සිට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගීවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.