රජයේ අමනෝඥ තීන්දුවක් නිසාවෙන් දියුණු වෙන සංචාරක කර්මාන්තයටත් කනකොකා හඩලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා.

වැඩිදුරටත් විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්‍තුව හිටි හැටියේම වැඩිකර ඇති බවත් සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සමඟ සාර්ක් රටවල් වීසා ගාස්තුව ඩොලර් 58 ඉක්මව ඇති බවත් සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බව එතුමා සඳහන් කර සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ අද (18) දින කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ දහයක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදීය.