කතානායක  මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් භාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තැබූ මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා භාරදෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න වෙතටයි .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එම යෝජනාව විවාදයට ගන්නා දිනය ඉදිරියේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.