සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂය විසින් කතානායක  මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනඑනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 ) සවස 4.30 සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැනේ.

අද සවස එම ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කතානායකවර​යා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම ඔහු කථානායක අසුනට පැමිණියේ නෑ.