දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා දින නියම කර ඇත.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ අදාළ මූළික අයිතිවාසිකම් පෙත්සම් අප්‍රේල් මස 2වනදා කැඳවන ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට යලි නොතිසි යොමු කරන ලෙස ද පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය නියම කරන ලදි.

මෙම පෙත්සම් දෙක තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ විකල්ප ප්‍රතිඵත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර ඇත.