බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවතී එක්දින තරඟාවලියෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නිකුත් කරන ලබන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියට පැමිණ ඇත.

ඒ අතරින් දෙවන එක්දින තරඟයේදී විශිෂ්ඨ ශතකයක් රැස්කර ගත් පැතුම් නිස්සංක ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් අංක 8 ස්ථානයට පැමිණ තිබේ. එම තරඟයේදි පැතුම් නිස්සංක සමඟින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද අංක 16 සිට අංක 14 දක්වා ඉදිරියට පැමිණ ඇත.

ඊට අමතරව අවසන් එක්දින තරඟයේදී ශතකයක් ලබාගත් ජනිත් ලියනගේ අංක 87 දක්වා ඉදිරියට පැමිණ ඇ​ත. ඒ ස්ථාන 118ක් පසුකරමි​නි

පන්දු යැවීමේ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් අංක 25 ස්ථානයේ හා ඩිල්ශාන් මධුශංක ස්ථාන 9කින් ඉදිරියට පැමිණ අංක 29 ස්ථානයේ රැඳීසිටියි.