36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ අතර  ඔහු මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය.

ඒ අනුව පසුගිය​දා පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පොලිස්පතිවරයාට භාරදුන් අතර අදාළ පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද හිමිවුණා.

පොලිස්පතිවරයා වැඩ භාර ගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ ආචාර පෙළ පාලියක්ද සංවිධානය කර තිබෙනවා.