ඉන්දියාව ලබන වසරේ සිදු කිරීමට නියමිත අභ්‍යාවකාශයට මිනිසුන් යැවීමේ පළමු ගමනට  ගුවන් හමුදාවේ සේවය කරන නිලධාරීන් හතරදෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ගෲප් කපිතාන් ප්‍රශාන්ත් බාලක්‍රිෂ්ණන් නායර්, ගෲප් කපිතාන් අජිත් ක්‍රිෂ්ණන්, ගෲප් කපිතාන් අංගද් ප්‍රතාප් සහ වින්ග් කමාන්ඩර් ශුභාන්ෂු ශුක්ලා මෙලෙස අභ්‍යාවකාශ ගමනට තෝරාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

අදාළ අභ්‍යාවකාශ ගමනේ දී කිලෝමීටර් 400ක කක්ෂයකට මොවුන් යොමු කර දින තුනකට පසු ආපසු ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.