බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිදුකළ විමර්ශනයකදි ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට අනාවරණය විය.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසුවේ ඉන්දන තොග අතුරුදන්වීම පිළිබදව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වූ බවයි .

එසේම අර්බුද සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත ගබඩා තුළ පවතින දත්ත සිතා මතා විනාශ කර ඇති බවද මෙහිදී අනාවරණ වී ඇත.