ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි.

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන අතරම දක්ෂතා සහිත නමුත් සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යංශය යටතේ කෙටි පුහුණුවකින් පසු පරීක්ෂණයක් පවත්වා සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනු ලැබුවා.