රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කර ඇති බව අද (22) දින නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඩයනා ගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ අනුව මෙලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පත්වූ නව සාමාජිකයන් ය.