කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් තරඟය ලෙස හැඳින්වෙන මහනුවර ධර්මරාජ – කිංග්ස්වුඩ් විද්‍යාල අතර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය අද (22) දින පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භක තර්ඟය පැවැත්වෙන අතර එය මෙවර පැවැත්වෙන්නේ 117 වැනි වතාවටයි.

මෙයට අමතරව මාතර සර්වේසස් විදුහල සහ ශාන්ත තෝමස් විද්‍යාල 114 වැනි වතාවටත් පැවැත්වෙන රුහුණු නිල් මහ සටනේ ආරම්භක තරඟාවලිය අද දින මාතර උයන්විත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර පැවැත්වෙන 90 වන සාන්තුවරයන්ගේ සටන අද දින කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙතෙක් පැවති තරඟවලින් මේ වන විට ශාන්ත ජෝෂප් කණ්ඩායම තරඟ 12ක් ජය ගනිමින් තරඟාවලියේ ඉදිරියන් සිටියි.