ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් කර ඇති බව නිවේදනය කර තිබේ.

එහිදී ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර ඇති අතර ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංගද, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් ද පත්කර ඇත.