ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති අතර තවත් ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙන​වා.

එම සංවිධානය පවසන්නේ මෙම ඛේදනීය තත්වය යටතේ  ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

ඊශ්‍රායලය හමාස් සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ.