අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයට අදාළව පාසල් සඳහා පෙළපොත් සහ නිල ඇදුම් රෙදි ලබාදීම මේ වන විටත් සිදුකර ඇති බව එම අමාත්‍යාංශය විසින් සඳහන් කරන ලදි.

ඒ අනුව බෙදා හැරීම පිණිස නිල ඇදුම් රෙදි සහ පෙළ පොත් දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ලබා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ නමුත් මෙතෙක් පාසල් නිල ඇදුම් රෙදි හෝ පෙළ පොත් නොලද කිසියම් පාසලක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයා ඇති පහත දුරකතන අංක අමතා හෝ ඊමේල්, ෆැක්ස් මාර්ගයන් ඔස්සේ දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පාසල්හි විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි.

 

පෙළ පොත් සම්බන්ධ,

දුරකතන අංක – 0112784815 / 0112785306

ෆැක්ස් – 0112784815

විද්‍යුත් ලිපිනය – epddistribution2024@gmail.com

නිල ඇදුම් රෙදි සම්බන්ධ,

දුරකතන අංක – 011 2785573

ෆැක්ස් – 011 2785573

විද්‍යුත් ලිපිනය – schoolsuplymoe@gmail.com