2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්ප​ත්‍ර කැඳවීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන අද (මාර්තු 15) ගැසට් පත්‍රයේ පළ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්ප​ත්‍ර ඉදිරිපත් කළ යුතු අතර අයැදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙවරද සිදු කිරීමට නියමිත බවයි.

අද දහවල් 12:00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයැදුම් කළ හැකි අතර අයැදුම් කිරීමේ කාල සීමාව අප්‍රේල් 5 වන දා අවසන් වන අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

එම අමාත්‍යාංශය වැඩිදුරට ත් සඳහන් කළේ, අද දහවල් 12:00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්ප​ත්‍ර සලකා නොබැලෙන බැවින් එම අයැදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කළ යුතු බව යි.