රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍යයේ පාසල් සඳහා 2024 වර්ෂයට අදාළව පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10 වන බදාදා දින අවසන්වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වන බදාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුස්ලිම් පාසල්වල පළමු වාරයේ දෙවන අදියර 2024.04.17 වන බදාදා ආරම්භවන බවයි.