මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩු විභාගය අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දී ඇති නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මාර්ගයෙන් නීතිඥ සංගමය විසින් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙසයි.