දකුණු කොරියාවේ උපත් අනුපාතය දිනෙන් දින පහළ යාමකට ලක්ව ඇති බව එරට රජය පවසයි .

එනිසා රට තුළ “ජාතික හදිසි අවස්ථාවක්” නිර්මාණය වී ඇති බව ජනපති යුන් සුක් යොල් පවසයි .

ඒ හේතුව නිසා අඩු උපත් අනුපාතිකයේ ගැටලු විසඳීම සඳහා නව රජයේ අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට තමා සැලසුම් කරන බවයි දකුණු කොරියානු ජනපති පවසායි

ඒ අනුව එම අඩු උපත් අනුපාත ප්‍රති-සැලසුම් අමාත්‍යාංශය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගීතාව ලබාදෙන මෙන් ජනාධිපති යූන් සුක් යෝල් ඉල්ලීමක් කර තිබෙනවා.

ආර්ථිකය වැඩිදියුණු කිරීමට සහ “ජාතික හදිසි අවස්ථාවක් ලෙස සැලකිය හැකි අඩු දරු උපත් සඳහා තම ධූර කාලය තුළ ඉදිරි වසර තුන භාවිතා කරන බවට ඔහු පොරොන්දු වූ බව සඳහන්.