අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග ඊයේ (09) රාත්‍රියේ  අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.

එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු තිබේ.

අකුණු සැර වැදීමෙන් වෛද්‍ය උපකරණවලට හානි සිදු වී ඇති බව වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් පවසයි

වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර ඇත.