මඩකලපුවේ පොළොව මත ඉදිකළ මෙගාවොට් 2ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඊයේ (10) පෙරවරුවේ විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙනි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 90ක ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ මෙය ඉදිකර ඇති බවය.

එමෙන්ම එම ව්‍යාපෘතිය BackBay Solar Private සමාගම විසින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.