හොළිවුඩයේ 96 වන ඔස්කාර් සම්මාන උළෙල මෙවර ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී ජෝන් සීනා (John Cena), Best Costume Design Costume සම්මානය සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශ කිරීම සඳහා නිරුවතින් පැමිණ සිටීම මෙම සම්මාන උත්සවය සඳහා සහභාගී වූ සියලු දෙනාගේ පුදුමයට මෙන්ම හාස්‍යටද හේතුවක් වු​ණි.

මෙලෙස ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිරුවතින් සහභාගී වූ පළමුවැන්නා John Cena නොවන අතර මීට පෙර 1974 වසරේදී පවත්වන ලද 46 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා Streaker කෙනෙක් ද පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

 

මෙවර 96 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy විසින් දිනාගත් අතර , හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ Oppenheimer චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබු Christopher Nolan විසිනි.