රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේ ප්‍රතිලාභ ජුනි මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සදහා අයදුම්පත් කැඳවීම ලබන 15 වැනිදායින් අවසන් වන බවත් ඒවා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවත් ඊන් අනතුරුව ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමට නියමිත බවයි.

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් විසින් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබුණි.