දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් පවසා සිටිනවා.

වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි.

අද (11) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) දිනය දක්වා වලංගු වන බව එම දෙපාර්මේන්තුව සඳහන් කර සිටියි.