සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකළ බවත් තමන් එසේ වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවත් පවසා සිටියා

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්නයි