කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනයට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සහ ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළ යා හැකි බව සඳහන් කර සිටියි.

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.

එම නිවේදනය පහතින්,