මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පවසා ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා හොඳ විශ්වාසයකින් එක්වන බවත් එහිදී සියල්ලටම සාධාරණ ලෙස කටයුතු කිරීමටත් මෙන්ම එවැනි සාකච්ඡාවලදී බලාපොරොත්තු වන උපරිම විනිවිදභාවය ඇති කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරන බවත් ය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම සාකච්ඡා එකඟතාවයකින් තොර වූ බවය.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ යෝජනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි සාකච්ඡා සිදුකරන බව ද රාජ්‍ය ඇමතිවරයා පවසයි.

වැ​ඩි විස්තර පහතින්,