අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍ර​ව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ව අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙකි.

මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.