දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලි අනතුරෙන් අනතුරුව ඊයේ ( 21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එය බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ අතර මේ සදහා 400කට වැඩි පිරිසක් සහභාගි වූ බවට තොරතුරු වාර්තා වේ.

මේ සදහා තරගකරුවන් සහ ඔවුන්ගේ කණ්ඩායක් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණි සිටි පිරිසක්ද එක්ව තිබෙන අතර මෙම ප්‍රසංගය අද (22) අලුයම් කාලය දක්වා අධික ඝෝෂාකාරි ලෙස පැවති බව අවට ප්‍රදේශවාසින් ප්‍රකෂ කර සිටියා.

පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර තිබු මෙම ප්‍රසංගය සදහා ටිකට්පත් ද අලෙවි කර තිබු බවට සදහන් වේ.