ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ව​න චීනයට විද්‍යුත් මෝටර් රථ සඳහා ඇත්තේ දැඩි ඉල්ලුමකි.

ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින අතර චීන විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා තවත් සමාගමක් එක්වී තිබේ.

ඒ චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම වන අතර එම සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය මෙම මාසයේදි  එළිදැක්වීමට නියමිතය.

මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බව සමාගම පැවසීය.