මට එරෙහිව ඕනෑම අයෙක් ගන්නා තීන්දු තීරණවලට අවශ්‍ය වෙලාවට මමත් තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කරගත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (25) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවී මල්වතු මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී විධායක සාමාජිකයෝ 116ක් ඒකමතිකව තමාව පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කිරීමට තීරණය කළ බවත් ඒ අනුව තමා එම ආරාධනාව පිළිගත් බවත් මේ සියල්ලම සිදු වූවේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඇමති විජේදාස රාජපක්ෂ මහතා තවදුරටත් සදහන් කර සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් සිදුවෙන බැවින් වැඩියමක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැති බවත් අවශ්‍ය වුවෝත් අධිකරණයට යෑමට පවා යන බවයි.