මෙරට බන්ධනාගාරගතව සිටින සිරකාරියන්ට පෞද්ගලික සමාගම්වල සේවය කිරීමට මෙතෙක් අවස්ථාවක් හිමි වී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා පවසනවා.

වරදකරු බවට පත්වූ සිරකාරියන් 208ක් පමණක් දැනට සිටින අතර මේ දක්වා ඔවුන්ගේ ශ්‍රමය ලබා ගැනීමට කිසිදු සමාගමක් ඉදිරිපත් වී නොමැති බව ද ඔහු පවසයි.

මෙම කාන්තාවන් බඳවා ගැනීමට කැමති සමාගම් තිබේ නම්, ඔවුන්ට රැකියා ලැබෙනු ඇති බව ද ගාමිණි දිසානායක මහතා අවධාරණය කළා.

සිරකාරියන් පුහුණු වැඩසටහනක කොටසක් ලෙස මැහුම් සහ රෙදි විවීම පුහුණුව ලබා දී ඇති බවත් එහි දී ඔවුන්ට කුඩා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් තොරතුරු වාර්තා වේ.