බන්ධනාගාරගතව සිටින  ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ මෙවර රාමසාන් දිනය නිමිත්තෙන්.

ඒ අනුව අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළා.

ඉස්ලාම් ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් ගෙන ඒමට උපදෙස් ලබාදී තිබේ.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ  ඒවා ලබාදීමට සියලු බන්ධනාගාර ආයතන කටයුතු කරනු ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළා.