ගුද මාර්ගයේ සඟවාගෙන තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කළ රැදවියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා සඳහන් කළේ ය.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (21) දිනයේ බන්ධනාගාරයේ සිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර යළි බන්ධනාගාරය තුළට පැමිණෙන අවස්ථාවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරින් විසින් සෝදිසි කිරීමකට ලක් කර ඇත.

එහි දී එක් රැඳවියෙකුගේ ගුද මාර්ගයේ සඟවා තිබිය දී ජංගම දුරකථනයක්, සිම්පතක් සහ බැටරියක් ද අනෙක් රැඳවියාගේ ගුද මාර්ගයේ තිබී දුම්කොළ 04ක් ද සොයාගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.